41385859 162796207941578 6321720993857404928 n2017.05.26 දින ඇති වු ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වු ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් 2018.09.09 දින අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී ආරම්භ කරන ලදී. ගවරගිරිය ග්‍රාම නිලධාරි වස‍මේ "නව ජීවන ගම" යන නමින් ආරම්භ වු මෙම ගම්මානයේ සුභ මොහොතින් නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා මුල් ගල් තැබීම් සිදු කරන ලදී. එමෙන්ම, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ප්‍රධානයන් හා මෙම ගම්මානයේ නිවාස හිමිවන ජනතාවට ඉඩම් ඔප්පු බෙදා දීමක් ද මෙදින සිදු විය.
මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා, රත්නපුර මහ දිසාපතිතුමිය, කලවාන එ.ජා.ප. ආසන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක මහතා, ශ්‍රී.ල.නි.ප. කලවාන ආසන සංවිධායක සලිත කරුණාරත්න මහතා, අයගම ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ප්‍රදේශවාසීන් ‍සහභාගී විය.

 

මෙම වැඩසටහනෙහි විශේෂ අවස්ථාවන්

4

land10

 

land11

5

 

41385859 162796207941578 6321720993857404928 n

land2

 

land6

 

Scroll To Top