71 ක් වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු
අභිමානවත් 71ක් වන ජාතික නිදහස් දිනය සැමරීම හා රට දැය වෙනුවෙන් දිවි පිදූ ආබාධිත රණ විරුවන් වෙනුවෙන් සෙත් පතා ආශිර්වාද කිරිම පිං අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමින් නිදහස් උත්සවය හා ගංගා රෝහණ මහා පරිත්‍රාණ පිරිත් දේශනය 2019/02/04 දින අයගම ශ්‍රී ගංගාරාම විහාරස්ථායනයේදී පැවැත්විනී.

මෙම මහා පිංකම වෙනුවෙන් අයගම ශ්‍රි ගංගාරාම විහාරස්ථානය ප්‍රමුඛ සියළුම විහාරස්ථාන. ශාසනාරක්ෂක බලමණ්ඩලය, අයගම ප්‍රාදේහිය ලේකම් කාර්යාලය, අයගම පොලිස් ස්ථානය, අයගම ප්‍රාදේහිය සභාව, අයගම දිසා රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය,කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය හා සියළුම පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථානය, පශු වෛද්‍ය කාර්යාලය, තැපැල් කාර්යාලය, සියළුම බැංකු, කිරිඇල්ල විදුලි බල මණ්ඩලය, ලංකා ගමනාගමන මණ්ඩලය කලවාන ඩිපෝව, ප්‍රදේශයේ සියළුම ස්වේච්ඡා සංවිධාන , නාගරික ප්‍රජාව, නව වෙළද සංකිර්ණයේ වෙළද සැල් හිමිකරුවන්ගේ සංගමය, අයගම එක්සත් බෞද්ධ වෙළද සංගමය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව මෙම උතුම් සත්කාරය සඳහා දායකත්වය දක්වා ඇත.

අයගම ගග මත ඉදිකළ විචිත්‍රවත් මණ්ඩපයක සිට මෙම පිරිත් දේශණය පැවැත්වූ අතර බැතිමතුන් විශාල පිරිසක් මෙම පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට පැමිණ තිබුණි. මෙම පිරිත් දේශනය ආරම්භක අවස්තාව ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය ප්‍රධාන අයගම ප්‍රාදේශීය ලේකම් නිරංජ එස් ජයකොඩි මහතා ඇතුළු අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් ඇතුළු සියළු රාජය ආයතන වන නිළධාරීන් සහභාගී විය














