අධික සුලං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට බලපැම්

      2019-03-22 දින බලපෑ අධික සුලං තත්ත්වය හේතුවෙන් අයගම ප්‍රාදේහීය ලේකම් කොට්ඨාශයේ වසම් 06 කට බලපෑම් එල්ල විය. මේ හේතුවෙන් එම වසම් වලට අයත්  පවුල් 73 ක සාමාජිකයින් 243 දෙනෙක් විපතට පත්විය. මෙම  තත්ත්වය හේතුවෙන් ගස් ඉදිරී වැටිම  හා අධික සුලං තත්ත්වය නිසා නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් අලාභානියට පත්වී ඇත. මෙම ආපදා තත්ත්වය ඇති වූ වහාම අයගම ප්‍රාදේශීය ලේකම් නිරංජ එස් ජයකොඩි මහතා එම නිවාස හා දේපල නිරීක්ෂණය කර කඩිනම් සහන සැලසීම සදහා අවශ්‍ය මූලික කටයුතු සිදු කර ඇත. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් තුමියගේ උපදෙස් පරිදි හානියට පත් නිවාස සඳහා වන්දි පිරිනැමීම ට අවශ්‍ය කටයුතු සලසා ඇත.

dis1  dis2  dis3

 

dis4  dis5

Scroll To Top