දිළිඳු බවින් තොර ශ්‍රි ලංකාවක් - ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය

1

දිළිඳු බවින් තොර ශ්‍රි ලංකාවක් නිර්මාණය කිරිම අරමණු කොට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති වැඩසටහනෙහි අයගම වැඩසටහන අභිමානවත් රාජ්‍ය සේවයේ අයගම පෙරගමන් කරු අයගම ප්‍රාදේශීය ලේකම් නිරංජ එස් ජයකොඩි මැතිඳුන්ගේ මග පෙන්වීම යටතේ 2019-02-18 දින පැවැත්විණි.මෙහි ආරම්භය  ලෙස වැඩ ඇරඹුමදා තේමාව යටතේ ශ්‍රමදාන වැඩසටහන පැවැත්වූ අතර අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩුගල,සිංහලගොඩ,පහල ගලතුර,අයගම,ඇල්ලහේන, පල්ලෙකඩ, ගලතුර හා උඩුගල උතුර යන වසම් කේන්ද්‍ර කොට සිදුවිය.

මෙම වැඩසටහනෙහි දෙවන පියවර පොහොය වැඩසටහන ලෙස 2019-02-19 දින ක්‍රියාත්මක වූ අතර එය හිත හදන දා යන ලෙස නම් කර  දානමය, ධර්ම දේශනාමය හා බෝධි පූජාමය වැඩසටහන් පවත්වන ලදී.

2

3

පරිසර සිරිසරදා ලෙස නම් වූ 2019-02-20 තෙවන දිනය තුළ ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වූ වසම් කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු වැඩසටහන ක්‍රියාත්මක විය.

"මතින් මිදෙන දා " අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ක්‍රියාත්මක ග්‍රාම ශක්ති  වැඩටහන ක්‍රියාත්මක වන වසම්හි ගම්මානවල මුල් බැසගෙන ඇති මත්ද්‍රව්‍ය හා සූදුපොලවල් පිටුදැකීම හා මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා හෙට රට වෙනුවෙන් අද ගම හදමු සිව්වන දිනයෙහි දිගහැරුම 2019-02-21 දින සිදුවිය

13

"හෙට රට වෙනුවෙන් අද ගම හදමු" දැනුවත් කිරීම හා සජීවීකරණ වැඩසටහන  මූල්‍ය කටයුතු පිළිබද දැනුවත්වීම තුලින් ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම ,ග්‍රාම ශක්ති සංකල්පය සමග කටයුතු කිරීම තුළින් ගම ගොඩනගන පිළිවෙතට අරුත්බර කතිකාවතක් 2019.02.22 දින අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වසම්හි දැනුවත් දා වැඩසටහන තුළින් ක්‍රියාත්මක විය

ග්‍රාම ශක්ති වසම්හි ව්‍යාපෘති වැඩ ආරම්භය මගින් මෙම වැඩසටහනෙහි හය වන දිනය නිමා වූ අතර වැඩ ඇරඹුම දා ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ග්‍රාම ශක්ති වසම්හි ජනතාවගේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරිම අරමුණ විය

අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ග්‍රාම ශක්ති වැඩසටහ ක්‍රියාත්මක වසම්හි වැසියන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් ඔවුන් තුළ පවත්නා කලා හැකියාවන් ඔප්නංවමින් 2019.02.24 දින ග්‍රාම ශක්ති සතියෙහි සත්වන දින ....සොදුරු මිහිරි දා...... නැටුම්, ගැයුම්,වැයුම්,රැගුම්හි සොදුරු වූ අත්දැකීම් සමග ග්‍රාම ශක්ති වැඩසටහන සමාප්ත විය

 

15

12

71 ක් වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු

       අභිමානවත් 71ක් වන ජාතික නිදහස් දිනය සැමරීම හා රට දැය වෙනුවෙන් දිවි පිදූ ආබාධිත රණ විරුවන් වෙනුවෙන් සෙත් පතා ආශිර්වාද කිරිම පිං අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමින් නිදහස් උත්සවය හා ගංගා රෝහණ මහා පරිත්‍රාණ පිරිත් දේශනය 2019/02/04 දින අයගම ශ්‍රී ගංගාරාම විහාරස්ථායනයේදී පැවැත්විනී.

 pirith21

 

මෙම මහා පිංකම වෙනුවෙන් අයගම ශ්‍රි ගංගාරාම විහාරස්ථානය ප්‍රමුඛ සියළුම විහාරස්ථාන. ශාසනාරක්ෂක බලමණ්ඩලය, අයගම ප්‍රාදේහිය ලේකම් කාර්යාලය, අයගම පොලිස් ස්ථානය,  අයගම ප්‍රාදේහිය සභාව, අයගම දිසා රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය,කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය හා සියළුම පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථානය, පශු වෛද්‍ය කාර්යාලය, තැපැල් කාර්යාලය, සියළුම බැංකු, කිරිඇල්ල විදුලි බල මණ්ඩලය, ලංකා ගමනාගමන මණ්ඩලය කලවාන ඩිපෝව, ප්‍රදේශයේ සියළුම ස්වේච්ඡා සංවිධාන , නාගරික ප්‍රජාව, නව වෙළද සංකිර්ණයේ වෙළද සැල් හිමිකරුවන්ගේ සංගමය, අයගම එක්සත් බෞද්ධ වෙළද සංගමය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව මෙම උතුම් සත්කාරය සඳහා දායකත්වය දක්වා ඇත.

 

pirith18

අයගම ගග මත ඉදිකළ විචිත්‍රවත් මණ්ඩපයක සිට මෙම පිරිත් දේශණය පැවැත්වූ අතර බැතිමතුන් විශාල පිරිසක් මෙම පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට පැමිණ තිබුණි. මෙම පිරිත් දේශනය ආරම්භක අවස්තාව ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය ප්‍රධාන අයගම ප්‍රාදේශීය ලේකම් නිරංජ එස් ජයකොඩි මහතා ඇතුළු අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් ඇතුළු සියළු රාජය ආයතන වන නිළධාරීන් සහභාගී විය

දෙමළ භාෂා ප්‍රවර්ධන වැඩසටහන

අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතළු රාජ්‍ය ආයතන වල නිළධාරීන් සඳහා දෙමළ භාෂා ප්‍රවර්ධන වැඩසටහනක් 2018/10/22 හා 23 වන දෙදින අයගම ප්‍රාදේහිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. නිළධාරීන්ගේ දෙමළ භාෂා කුසලතාවය වැඩිදියුණු කිරීමත් ඒ මගින් ප්‍රදේශයේ ජනතාවට වඩා හොඳ සේවාවක් සැපයීම මෙම වැඩසටහනෙහි අරමුණ විය

1

2

3

5

6

 

Tree planting Programme

the programme was held with the participation of Divisional secretary of Ayagama near Gangodakanda Habaradola today (29-10-2018) ths programme was organized by Divisional Secretariat,ayagama and Mihi Mithuro Environment Organization.. Divisional Secretariat, Ayagama police, Students of schools in area and other organizations participated in this event.

20181029 101036

 

20181029 103553

 

20181029 104647

 

41385859 162796207941578 6321720993857404928 n2017.05.26 දින ඇති වු ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වු ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් 2018.09.09 දින අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී ආරම්භ කරන ලදී. ගවරගිරිය ග්‍රාම නිලධාරි වස‍මේ "නව ජීවන ගම" යන නමින් ආරම්භ වු මෙම ගම්මානයේ සුභ මොහොතින් නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා මුල් ගල් තැබීම් සිදු කරන ලදී. එමෙන්ම, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ප්‍රධානයන් හා මෙම ගම්මානයේ නිවාස හිමිවන ජනතාවට ඉඩම් ඔප්පු බෙදා දීමක් ද මෙදින සිදු විය.
මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා, රත්නපුර මහ දිසාපතිතුමිය, කලවාන එ.ජා.ප. ආසන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක මහතා, ශ්‍රී.ල.නි.ප. කලවාන ආසන සංවිධායක සලිත කරුණාරත්න මහතා, අයගම ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ප්‍රදේශවාසීන් ‍සහභාගී විය.

 

මෙම වැඩසටහනෙහි විශේෂ අවස්ථාවන්

4

land10

 

land11

5

 

41385859 162796207941578 6321720993857404928 n

land2

 

land6

පුවත් සහ සිදුවීම්

Scroll To Top