ජාතික සුරක්ෂිතතා දින වැඩසටහන
2021.12.26 දින එනම් අද දින ආපදා පෙර සුදානමට ජනතාව දැනුවත් කිරීම වැඩසටහන වසම්භාර ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා බහුකාර්ය කාර්ය සහයකයින් විසින් අයගම කොට්ඨාසය පුරා වසම් මට්ටමින් සිදු කරන ලද්දේ මෙසේය.
ගලතුර වසමේ මෙම වැඩසටහන සඳහා අයගම ප්‍රාදේශිය ලේකම්තුමන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහභාගි විය.






දැනුමෙන් සපිරි කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් බිහිකිරීමේ අරමුණින් අයගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පුහුණු අංශය වාර්ෂික පුහුණු වැඩසටහන යටතේ සංවිධානය කල අල්ලස් හා දුෂණය වැලැක්වීම පිලිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී 2021.10.09 දින පැවැත්වින.
මේ සඳහා සම්පත් දායකත්වය :- රත්නපුර කොට්ඨාසයේ සේවාස්ථ පුහුණු අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක
කේ.ටී.එම්.පී.ඩී. තිලකරත්න මහතා විසින් ලබා දෙන ලදී



රත්නපුර දිස්ත්‍රික්කයේ ළමා සමාජ වල දරුවන්ගේ හොඳම නිර්මාණ තෝරා සකස් කළ ,දිස්ත්‍රික් සඟරාව "නිම්තෙර", රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම නිර්මාණ සංඛ්‍යාවක් (232) ඉදිරිපත් කළ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, දිස්ත්‍රික් ලේකම්තුමිය විසින් සඟරාව 2021.12.08 දින දිස්ත්‍රික් ළමා කමිටුවේදී අයගම ප්‍රාදේශීය ලේකම්තුමන් හට පිරිනැමෙන අවස්ථාව...
විශේෂ ස්තූතිය : ළමා සමාජ වල දරුවන් නිර්මාණකරනය සදහා යොමු කල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරිනී ඩී.එස්. යෙෂිකා සමරවීර මහත්මිය


හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපන වැඩසටහන 2020
හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපන සතියේ අයගම ප්‍රාදේශීය සභාව , අයගම ගොවිජන මධ්‍යස්ථානය එක්ව අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වැඩසටහන 2020-01-06 වන දින අයගම ප්‍රාදේශීය සභා ළමා උද්‍යානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීය. අයගම ප්‍රාදේශීය ලේකම් නිරංජ එස් ජයකොඩි මැතිඳුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනෙහි විශේෂ අවස්ථා කිහිපයක්..






















